කෑගල්ල දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී ප්‍රගති සමාලෝචන රැස්වීම 2025.05.16 දින පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් / දිසාපති H. M. J. M. හේරත් මහත්මාගේ සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් T. කුසුම් බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදීයි.
ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම, C B R සහ E S P D වැඩසටහන් සම්බන්ධව සාකච්ඡා කිරීම, පළාත් සමාජ සේවා අමාත්‍යාංශ රාජකාරී සම්බන්ධව දැනුවත් කිරීම, 2024 වර්ෂයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමේ ප්‍රගතිය ඉදිරිපත් කිරීම, ආබාධ හා වකුගඩු රෝගී දීමනා සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම අරමුණු කර ගනිමිනුයි මෙම වැඩසටහන පැවැත්වුණේ.
සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පවරා ඇති ක්‍රියාකාරී රාජකාරී ලැයිස්තුවට අමතරව කණ්ඩායම්ගත ව්‍යාපෘති, විශේෂ ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ක්‍රියාවට නංවමින් එම අමතර වැඩසටහන්වල ප්‍රගතිය මත මුළු දිවයිනෙන්ම 2024 ස්වාභිමානී තරගාවලිය මගින් කෑගල්ල දිස්ත්‍රික්කය ලැබූ ජයග්‍රහණ අතුරින් හොඳම දිස්ත්‍රික් නිලධාරියා ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් සමාජසේවා නිලධාරී ඩී. සරත් රණවීර මහතා ප්‍රථම ස්ථානයත්, හොඳම ප්‍රාදේශීය නිලධාරියා ලෙස බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි සමාජසේවා නිලධාරී කේ. අරුණ ශාන්ති මහත්මියත්, හොඳම රෝහල් නිලධාරියා ලෙස කෑගල්ල මහ රෝහලෙහි සමාජ සේවා නිලධාරී එස්. සී. එන්. කරුණාරත්න මහත්මියත්, හොඳම ස්වශක්ති සංවිධානය ලෙස රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි 'ගැමුණු' ස්වශක්ති සංවිධානයෙහි සභාපති මහින්ද ජයතිලක දෙවැනි ස්ථානයත්, ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් හොඳම නව නිර්මාණය (විවෘත) දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි ආබාධ සහිත තරුණයකු වන එච්. ඩී. කේ. අනුර සඳරුවන් ප්‍රියවංශ මහතා තෙවැනි ස්ථානයත් හිමි කර ගනිමින් කෑගල්ල දිස්ත්‍රික්කය තරග අංශ කිහිපයකින් ඉදිරියෙන් සිටීම පිළිබඳව දිස්ත්‍රික් ලේකම්තුමන් පැවසුවේ දිස්ත්‍රික්කයේ මෙවැනි දක්ෂතාවලින් හෙබි නිලධාරීන් සිටීම ඉතා අගය කළ යුතු සහ සතුටු විය හැකි කාරණයක් බවයි.
එමෙන්ම එතුමා වැඩිදුරටත් පවසා සිටියේ සමාජ සේවා නිලධාරීන්ට විශාල හැකියාවක් හා වැඩ කිරීමේ ධාරිතාවක් ඇති බවත් සමාජයේ පිළිගැනීමකට ලක්වන නිලධාරින් සමූහයක් බවත් විශේෂයෙන්ම වැඩිහිටි බල මණ්ඩලවල සහ විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාව සමග කටයුතු කිරීමේදී මනා අවබෝධයකින් රාජකාරී කටයුතු කළ යුතු බවත් එමෙන්ම එම කණ්ඩායම්වලට සතුටින් උදව් කළ හැකි රැකියාවක්, සේවයක් හා රාජකාරියක් සේ කටයුතු කළ යුතු බවයි. ඊට අමතරව ආබාධ සහිත ප්‍රජාවගේ නිර්මාණාත්මක නව නිපැයුම්, විසිතුරු භාණ්ඩ දේශීය හා විදේශීය සංචාරකයන්ට අලෙවි කර ගැනීම සඳහා පින්නවල අලෙවි මධ්‍යස්ථානයක් ලබා ගැනීමටද මෙහිදී තීරණය විය.
මෙම අවස්ථාවට පළාත් ජ්‍යෙෂ්ඨ සමාජ සේවා නිලධාරී ඉන්දුමාලා අබේසිරි වර්ධන, මධ්‍යම රජයේ සහ පළාත් රාජ්‍ය සේවයේ නියුතු සමාජ සේවා නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයේ දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී ඩී. සරත් රණවීර මහත්මා ඇතුළු එම අංශයේ නිලධාරීන්, ආබාධ සහිත වූවන්ගේ ස්වශක්ති දිස්ත්‍රික් බලමණ්ඩලවල සාමාජිකයන් මේ සඳහා සහභාගි විය.





















