මනා පෞරුෂයෙන් යුතු අභිමානවත් දරුවකු දැරියක රටට දායාද කිරීමේ අරමුණු ඇතිව ශිෂ්‍යභට බලකාය 9 වැනි බල ඇණියට ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරී නිල ලාංඡන පැළඳවීමේ උත්සවයක් 2025 05 23 දින පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදීයි.


දර්ශනීය නැටුම් කණ්ඩායමකින් සහ අවි සහිත වීදි ශිෂ්‍යභට පෙළකින් සමන්විතව ආරාධිත අමුත්තන් කැඳවාගෙන ඒමෙන් පසු උත්සවයේ වැඩකටයුතු ආරම්භ කෙරුණේ ගරු ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් / දිසාපති එච්. එම්. ජේ. එම්. හේරත් මහත්මාගේ ප්‍රධානත්වයෙන්.
9 වැනි ජාතික ශිෂ්‍යභට බලකායේ අණදෙන නිලධාරී මේජර් මහානාම සෙනරත් මහත්මාගේ පිළිගැනීමේ කතාවෙන් ද රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුවන් ඉදිරිපත් කළ ශිෂ්‍යභට අපරදිග තූර්ය වාදන සංදර්ශනයෙන්ද අනතුරුව නිල ලාංඡන පැළඳවීමේ පළමු පියවර ආරම්භ විය. බාලක බාලිකා වශයෙන් පියවර 05ක් යටතේ පැවති මෙම අවස්ථාවට ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් A P C P R ප්‍රේමතිලක R S P U S P ndc, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ, කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති S. M. Y. සෙනෙවිරත්න, ජාතික ශිෂ්‍යභට බලකාය (සබර) නියෝජ්‍ය අධ්‍යක්ෂ කර්නල් R D S S සමරවීර, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ H. L. හරිශ්චන්ද්‍ර මහතා (දෙහිඕවිට), කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මාධවී වෙලගෙදර මහත්මිය (කෑගල්ල / මාවනැල්ල), මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම මහත්මා ඇතුළු ශිෂ්‍යභට බලකායේ දරු දැරියන් විශාල ප්‍රමාණයක් සහභාගි විය.

1

2

3

4

5

6

7

8

9