මේ දිනවල සක්‍රිය වෙමින් පවතින නිරිත දිග මෝසම් තත්ත්වය සමඟ ආපදා සිද්ධීන් වාර්තා විය හැකි බවට අදාල තාක්ෂණික ආයතන දැනුම් දී ඇති අතර ඒ සඳහා පූර්ව සූදානමක් ලෙස මැයි මස 27 වන දින දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව රැස්විය.


කෑගල්ල දිස්ත්‍රික්කය වර්ෂාවත් සමඟ සෑම වසරකදීම ආපදාවන්ට ලක්වන බැවින් ඒ සඳහා සූදානම් වීමේ අවශ්‍යතාවය හා අනතුරු අවම කර ගැනීමේ අවශ්‍යතාවය දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී පැහැදිලි කෙරිණි.
ආපදා කළමනාකරණය සඳහා දිස්ත්‍රික්කයේ පෙර සූදානම් වීම ආපදා කළමනාකරන අංශයයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක කේ. ජි. මහේන්ද්‍ර ජගත් මහතා විසින් පැහැදිලි කෙරිණි.
ආපදා කළමනාකරණය විෂයට අදාළ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන හා පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, සෞඛ්‍ය සේවා, පළාත් පාලන ආයතන,ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය , රාජ්‍ය දැව සංස්ථාව ,අපදා සහන සේවා කටයුතු ආශයන්හි නිලධාරීන් අපදා කළමනාකරණය පිළිබඳ තම ආයතනයන්හි සූදානම පිළිබඳ මෙහිදී විස්තර කෙරිණි.
මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන)කුසුම් බණ්ඩාර මිය,අතිරේක දිස්ත්‍රික් ලේකම්( ඉඩම් )දිලිප් නිශාන්ත මයා, ප්‍රාදේශීය ලේකම්වරුන්,ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් එක් වූහ.

1

2

3

4

6

6

7