ජූනි මස 05 දිනට නියමිත ජාත්‍යන්තර පරිසර දිනට සමගාමීව මෙවර ජාතික සැමරුම කෑගල්ල නිදහස් මාවතේදී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සැමරීමට නියමිත අතර එහි සූදානමේ වත්මන් ප්‍රගතිය විමසා බැලීමක් මැයි 29 වන දින පස්වරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.
මෙවර පරිසර දිනයට සමගාමීව පරිසර සතියක් මැයි 30 සිට ජූනි 05 දින දක්වා ක්‍රියාත්මක වේ.ඒ අනුව මැයි 30 වන දිනය ප්ලාස්ටික් අපද්‍රව්‍ය කලමනාකරණ වෙනුවෙන් වෙන් වන අතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන 30 ක හවුල්කාරිත්වයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක් , මැයි 31 වන දින නිදහස් මාවතේ දී නොමිලේ වාහන වායු විමෝචන පරීක්ෂා කිර්‍රිමක් හා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි.
ජූනි මස 01 දින පරිසර පවිත්‍රතාවය පිලිබද දැනුවත් කිරීමේ දිනය ලෙසද ,ජූනි 02 වන දින ෛජව විවිධත්ව සංරක්ෂණ දිනය ලෙස වෙන් කර ඇති අතර ලෝකයෙන්ම වරකාපොල, ගලපිටමඩ ප්‍රදේශයේ පමණක් ජීවත් වන බන්දුල පෙතියා මත්ස්‍ය සිටින පෙදෙස වන ජීවී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හා පරිසර අමාත්‍යාංශයට සම්බන්ධ සියලුම ආයතන ඉදිරිපත් කරන පාරසරික ප්‍රදර්ශනය කෑගල්ල නගර සභා ශාලාවේදී ආරම්භ කිරීම එදින සිදු වේ.ජූනි මස 03 වන දින ෛජව විවිධත්වය සම්බන්ධයෙන් තෝරාගත් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමක් සිදු කෙරේ.ජූනි මස 04 වෙරළ කලාප පවිත්‍ර කිරීමේ දිනයයි.පරිසර සතියේ අවසන් දිනය වන ජූනි 05 වන දින රුක් රෝපණ හා ජගත් පරිසර දින සැමරුම ගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මෙම වැඩසටහන්හි සූදානම සම්බන්ධයෙන් වත්මන් ප්‍රගතිය විමසීම ඒ ඒ ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අද සිදුකෙරිණි.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සාගරිකා අතාවුද, දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත යන මහත්ම මහත්මීන්, පරිසර අමාත්‍යාංශයේ අතිරෙක ලේකම්වරුන්, වරකාපොල හා කෑගල්ල ප්‍රාදේශීය ලේකම්වරුන්, නියෝජ්‍ය පොලිස්පතිතුමන්,ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් , මෙම වැඩසටහනට සම්බන්ධය ආයතනවල නිලධාරීන් ඇතුලු පිරිසක් එක්වූහ.




















