මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමඟ දිවයින පුරා බොහෝ දිස්ත්‍රික්කවලට බලපාන ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ අංශය මේ වන විටත් සූදානමක සිටින බව දක්නට ලැබුණේ මැයි මස 29 වැනි දින කෑගල්ල දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන 17 කට උපකරණ බෙදා දීමත් සමඟයි.


කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/ දිසාපති එච්. එම්. ජේ. එම්. හේරත් මහත්මාගේ උපදෙස් මත කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වයි. සෙනෙවිරත්න මහත්මාවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊට අවශ්‍ය උපකරණ කට්ටල පොලිස් ස්ථාන වෙත බෙදා දීම සිදු වුණේ කෑගල්ල පොලිසියේ ශ්‍රවණාගාර පරිශ්‍රයේදීයි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ආපදා කළමනාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ. ජී. මහේන්ද්‍ර ජගත් මහත්මාගේ සහ එම අංශයේ සියලුම නිලධාරීන්ගේ පූර්ණ කැපවීම මතයි මෙම සද්කාර්ය මෙන්ම රාජකාරිය ඉටු කරනු ලැබුවේ.
මේ දිනවල සක්‍රීය වෙමින් පවතින වර්ෂාවෙන් සිදුවන ආපදා තත්ත්වයන් අවම කර ආපදා කළමනාකරණ කණ්ඩායම් සක්‍රීය කොට අවශ්‍ය ප්‍රතිචාර දැක්වීම සඳහා ඊට අවශ්‍ය කරන පුහුණුව දැනුවත්භාවය ලබාදීම මෙහි එක් අරමුණක්.
වර්ෂා කාලවලදී නිරන්තරයෙන් ආපදාවට ලක්වන විශේෂයෙන් ජලගැලීම්, නායයාම්වලට ලක් වන කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, දැරණියගල, බුලත්කොහුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඇතුළු අනෙකුත් කොට්ඨාසවල පොලිසිවලට අත්‍යවශ්‍ය යැයි හැඟෙන භාණ්ඩ කළමනාකරණය කොට බෙදා දීමටයි ආපදා කළමනාකරන අංශය පියවර ගනු ලැබුවේ.
ඒ අනුව ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් අරණායක, මාවනැල්ල, හෙම්මාතගම, කෑගල්ල, රඹුක්කන, පින්දෙණිය, දේවාලේගම, දැදිගම, වරකාපොල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල, යටියන්තොට, නූරිය, ගලපිටමඩ, කිතුල්ගල ආදී පොලිස් ස්ථාන 17ක් සඳහා දම්වැල් කියත්, විසිකිරීමේ බෑග්, මානා කැති, ජීවිතාරක්ෂක කබා, වර්ෂාමාන, හෙල්මට් සමග හිස පළඳින ලයිට්, තාපොළීන් ෂීට්, සැනිටයිසර් කෑන්, අත්වැසුම් යුගල්, ටෝච්, ස්ප්‍රේ මැෂින්, ගම්බූට්, සේෆ්ට් ගූගල්ස්, මෙගා ෆෝන් ආදී භාණ්ඩ මනා කළමනාකාරීත්වයකින් යුතුව බෙදා දීමයි මෙහිදී සිදු වුණේ.
මෙම අවස්ථාවට කෑගල්ල කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පතිතුමන්, පොලිස් ස්ථාන 17හි පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශයෙහි සියළු නිලධාරීන් සහභාගි විය.

1

2

3

4

5

6

6

7

8

9