මට පිස්සු යැයි මම කිසි විටෙක නොකියමි. අපි කියන්නේම අනෙකාට පිස්සු කියාය. ඔවුන්ද පෙරළා අපට පිස්සු යැයි කියති. මේ අනුව බලන විට අපි හැම කෙනාටම පිස්සුය. එසේනම් ඒ තුළ ඇත්තේ මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටලුවකි. ඇත්තටම අපිට පිස්සුද? නැද්ද?


කෑගල්ල දිස්ත්‍රික්කය තුළ සිටින මානසික සෞඛ්‍ය ගැටලු ඇති එහෙත් ප්‍රතිකාර ලබා නොගන්නා රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම අරමුණු කරගනිමින් ක්ෂේත්‍රගත සංවර්ධන නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහනක් මැයි මස 30 වන දින පැවැත්වුණේ කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත මහත්මාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදීයී. කෑගල්ල, මාවනැල්ල, අරණායක, රඹුක්කන, ගලිගමුව, වරකාපොළ, යටියන්තොට, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දැරණියගල, අරනායක,දෙහිඕවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 නියෝජනය වන පරිදි එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින් ග්‍රාම නිලධාරී වසම්වල රාජකාරී කරනු ලබන සංවර්ධන නිලධාරීන් 10 දෙනකු බැගින් නියෝජනය වන පරිදි එම නිලධාරීන් දැනුම්වත්කොට ඔවුන් මගින් දිස්ත්‍රික්කය තුළ සිටින මානසික සෞඛ්‍ය ගැටලු ඇති රෝගීන් දැනුවත් කොට ක්‍රමානුකූලව එම පිරිස් සායන වෙත යොමු කිරීමයි මෙම වැඩසටහනෙහි මුඛ්‍ය පරමාර්ථය වුණේ.
මෙම සංවර්ධන නිලධාරීන් දැනුමෙන් සන්නද්ධ කිරීම සඳහා සම්පත් දායකයින් ලෙස "මානසික රෝගයක් හඳුනා ගන්නා ආකාරය" මානසික රෝග විශේෂඥ වෛද්‍ය අනෝමා ජයසිංහ, දිස්ත්‍රික් මහ රෝහල, කෑගල්ල; "නව යොවුන් වියේ දරුවන්ගේ මානසික ගැටලු හඳුනාගැනීම" මැයෙන් මානසික රෝග විශේෂඥ වෛද්‍ය සුරංගි ජයරත්න, මූලික රෝහල, මවනැල්ල; "දිස්ත්‍රික්කයේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය" වෛද්‍ය නිලධාරී සුරංජනිකා ගුණතිලක, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, කෑගල්ල; "මිතුරු පියස සහ යොවුන් පියස පිළිබඳව සංවේදී කිරීම" වෛද්‍ය කසුන් ජයරත්න, වෛද්‍ය නිලධාරී ප්‍රජනක සෞඛ්‍ය ඒකකය යන මහත්ම මහත්මීන් සම්බන්ධ වූ අතර දිස්ත්‍රික් පුහුණු ඒකකය විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනෙහි සම්පත් දායක සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන ලද්දේ දිස්ත්‍රික් පෞරුෂ සංවර්ධන මනෝ උපදේශිකා රේණුකා ජයරත්න මහත්මිය විසිනි.
එදින පැවැත්වූ වැඩසටහන මගින් දිස්ත්‍රික්කය තුළ සිටින සිටින මානසික සෞඛ්‍ය ගැටලු ඇති රෝගීන් දැනුම්වත් කිරීම සඳහා මෙම සංවර්ධන නිලධාරීන්ට මනා පුහුණුවක් ලබා දුන් සාර්ථක වැඩසටහනක් ලෙස මෙම වැඩමුළුව නිමාවට පත්විය.
පරිසර දිනයයි, පරිසර කළමනාකරණයයි
එදින පැවති මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ මානසික සෞඛ්‍ය පුහුණු වැඩමුළුවට සමගාමීව එහි අපරභාගය වෙන් වූයේ ජුනි මස 05 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර පරිසර දිනයට අදාළව පරිසර කළමනාකරණයේ ඇති වැදගත්කම පහදා දීම උදෙසාය. ලෝක පරිසර දිනයට සමගාමීව මැයි 30 දින සිට ජුනි 05 දක්වා කාල පරාසය "පරිසර සතිය" ලෙස නම්කර තිබේ. ඒ අනුව 2025 ලෝක පරිසර දින තේමාව වන "ප්ලාස්ටික් මගින් වන දූෂණය නවත්වමු" ( Endig Plastic Pollution) යන තේමාව පිළිබඳවත්, පොලිතීන් හා ප්ලාස්ටික් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පවතින නීතිමය තත්ත්වය පිළිබඳවත් පැමිණ සිටි සංවර්ධන නිලධාරීන් දැනුම්වත් කරන ලද්දේ මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී කේ. එම්. ඩී. එම්. කරුණානායක මහත්මිය විසිනි. මෙම වැඩසටහනට සම්පත්දායිකාවක ලෙස සහභාගි වූ එතුමිය විසින් "ජාතික පාරිසරික පනත 1980 අංක 47 (2000 අංක 53 හා 1988 අංක 56 දරන පනත්වලින් සංශෝධිතයි)" පිළිබඳවත්, පාරිසරික ආරක්ෂාව, පාරිසරික තත්ත්වය, පාරිසරික කළමනාකරණයේ අවශ්‍යතාව සඳහා ශ්‍රී ලංකාව තුළ පවතින නීතිමය ප්‍රතිලාභ පිළිබඳව ද සාකච්ඡාවට ප්‍රවේශ කොට දැනුම්වත් කරන ලදී. එදින දවස පුරා පැවැති පැවති මෙම වැඩසටහන් දෙකම ඉතා සාර්ථක වැඩසටහන් ලෙස නිමාවට පත්විය.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15