2025 වසරේ ජගත් පරිසර දිනය ජුනි 05 දින කෑගල්ලෙ දී සැමරෙන අතර ඊට සමගාමීව පරිසර සතියක් ක්‍රියාත්මක වේ.එහි දෙවන දිනය වූ අද දිනයේ තේමාව වායු දූෂණය හා එහි අහිතකර බලපෑම අවම කිරීම යන්නයි.ඒ වෙනුවෙන් වාහන වායු විමෝචන පරීක්ෂා කිරීම හා නිවැරදි කිරීමේ සායනයක් මැයි 31 දවස පුරා කෑගල්ල නිදහස් මාවතේදි පැවැත්විණි.
එහිදී පෙට්‍රල් හා ඩීසල් වාහන දුම් පරීක්ෂා කිරීම හා ත්‍රීවීල් හා මෝටර් බයිසිකල් සුසර කිරීමේ නොමිලේ සේවාවන් පලපුරුදු කාර්මික ශිල්පීන් අතින් සිදු විය.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පරිසර අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව , වාහන වායු විමෝචන භාරකාර අරමුදල, කෑගල්ල පොලීසිය, ඩේවිඩ් පීරිස් සමාගම ඇතුලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක සංවිධානයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සාගරිකා අතාවුද මහත්මිය ඇතුලු දේශපාලන නියෝජිතයින් , මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්තුමන්, පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමන් , වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ අධක්ෂතුමන් ,කෑගල්ල නියෝජ්‍ය පොලිස්පතිතුමන්, කෑගල්ල දිස්ත්‍රික් අතිරේක දිසාපතිවරුන් දෙපල, සහකාර දිස්ත්‍රික් ලේකම්තුමිය ඇතුලු රාජ්‍ය නිලධාරීන් , වාහන හිමියන්, රියදුරන් ඇතුලු පිරිසක් එක් වූහ.



































