වත්මන් සමාජය තුළ උද්ගත වී ඇති ප්‍රබල ගැටලුවකි, මූල්‍ය කළමනාකාරිත්වය නොමැතිවීම. මෙම ගැටලුව මූලික කර ගනිමින් "විගමනික ප්‍රජාව සඳහා මූල්‍ය සාක්ෂරතා පුහුණු වැඩසටහනක්" මැයි 03 දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.
එහිදී ව්‍යවසායකත්ව අවස්ථාවන්, මූල්‍ය සාක්ෂරතාවය හා එහි භාවිතයන්, මූල්‍ය කළමනාකරණය හා මූල්‍ය තත්ත්වයන් හැසිරවීම වැනි කරුණු පිළිබඳව පුහුණු කිරීමේ නිළධාරි ලංකා සුමනදාස මහතා විසින් විස්තරාත්මකව පැහැදිලි කිරිමක් සිදු කෙරිණි .
ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතා දත්ත ඉදිරිපත් කරමින් එහි ප්රතිලාභ පිළිබඳව පැහැදිලි කළ අතර මූල්‍ය ස්වාධීනත්වය මිනිසුන් තුළ ඇති කිරීම තුළින් ඔවුන් ණයකරුවන් බවට පත්වීම වැළැක්වීමට අදාල උපදෙස් ලබා දීම සිදු කෙරිණි. මිනිසුන්ගේ එදිනෙදා ස්ථීර ආදායමට පරිබාහිරව මුදල් ඉපයිය හැකි ක්‍රමවේද පිළිබඳ හඳුන්වා දීම ද මෙහිදී සිදු කෙරිණි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ කෑගලු දිස්ත්‍රීක් අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට කෑගලු දිස්ත්‍රික්කයේ විගමනික පිරිසක් එක්ව සිටියහ.
.





















