ප්‍රජාව සවිබල ගැන්වීමේ වැඩසටහනට සමගාමීව සමෘද්ධි කළමනාකරුවන් හා අදාළ නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මූල්‍ය සාක්ෂරතාව හා මනෝ සමාජයීය සවිබල ගැන්වීමේ වැඩසටහනක් මැයි මස 06 වන දින පැවැත්වුණේ කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ටී. කුසුම් බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදීයි.
මෙම වැඩසටහන සඳහා සම්පත් දායකයකු ලෙස සහභාගි වූයේ ජාතික ළමාරක්ෂක අධිකාරියේ හිටපු ජාතික සංවිධායක, රාජ්‍ය හා ආයෝජන බැංකුවේ අලෙවි කළමනාකරු විකුම් පෙරේරා මහත්මායි. දිස්ත්‍රික්කයේ සියලු සමෘද්ධි කළමනාකරුවන්, බැංකු අධීක්ෂණ විගණන අංශයේ සංවර්ධන නිලධාරීන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මෙම වැඩසටහන මගින් දැනුම්වත් කළ අතර මේ සඳහා අනුග්‍රහය දක්වන ලද්දේ රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව විසිනි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ ඩී. කේ. සාගරිකා මැදිවක, නියෝජ්‍ය අධ්යක්ෂ ලක්ෂ්මි රත්නායක, සමෘද්ධි ගණකාධිකාරී ඩබ්ලිව්. ආර්. එන්. පෙරේරා, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ ප්‍රමිලා රාජපක්ෂ, කළමනාකාරිනී (කෑගල්ල ශාඛාව), අදාල රාජ්‍ය නිලධාරීන් ඇතුළු දිස්ත්‍රික් සමෘද්ධි අංශයේ නිලධාරීන් සහභාගි විය.























