සුනාථ ධාරේථ චරාථ ධම්මේ
(ධර්මය අසන්න, ධර්මය ධාරණය කරගන්න, ධර්මයෙහි හැසිරෙන්න )
2025 පොසොන් පොහොය දිනය නිමිති කරගෙන කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු හා සංස්කෘතික යන උභය අංශ විසින් සංවිධානය කරන ලද ධර්ම දේශනා පින්කමක් 2025 .06 .09 දින පැවැත්වුණේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්රයේදීයි. ධර්ම ශ්‍රවණය සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් / දිසාපති එච්. එම්. ජේ. එම්. හේරත්, අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් ටී. කුසුම්බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු අනිකුත් සියලු මාණ්ඩලික නිලධාරීන් සහභාගි වූ අතර ධර්ම දේශකයන් වහන්සේ වූයේ මල්වාන ඓතිහාසික ලෙනගම්පල රජමහා විහාරාධිපති, කෑගල්ල තුන්මුදුන ශ්‍රී වාලුකාරාමාධිකාරී කෑගල්ල එළගල්ල ශ්‍රී ප්රඥෝදය මහ පිරිවෙන්හි නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මුදුන්ගම උදිත ධම්ම හිමිපාණන් වහන්සේයි.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලු අංශවල රාජ්‍ය නිලධාරීන් සහභාගි විය.
පූජේමි බුද්ධං කුසුමේන නේන
(මේ මල් මුනිඳුට පූජා වේවා)
කෑගල්ල දිස්ත්‍රික් වැඩිහිටි බලමණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන "පුෂ්ප පූජා" මල් දන්සල 2025. 06 .10 දින පෙ. ව. 9. 30 සිට වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණේ කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් ටී. කුසුම් බණ්ඩාර මහත්ම මහත්මීන් සහ ගලිගමුව - වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ප්‍රාදේශීය ලේකම් තුමන්ලාගේ ප්‍රධානත්වයෙන්.





































