දිස්ත්‍රික් අභ්‍යන්තර විගණන කමිටුව ජූනි මස 11 දින පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් /දිසාපති ජගත් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී රැස්විය.
පසුගිය විගණන කළමනාකරණ කමිටුවේ සාකච්ඡා කළ කරුණුවල පසු විපරම සහ ගිණුම්කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙවරද මෙම හමුව සංවිධානය කර තිබුණි.
ඒ අනුව අද පැවති කමිටුවේදී මුල්ම අවධානය යොමු කෙරුණේ නව අභ්‍යන්තර විගණන මාර්ගෝපදේශයන් පිළිබඳවයි. ඒ අනුව මෙතෙක් භාවිතා කළ 2019 (1) අභ්‍යන්තර විගණන මාර්ගෝපදේශය වෙනුවට 2025 (1)නව අභ්‍යන්තර විගණන මාර්ගෝපදේශය පිළිබඳ විස්තර කෙරිණි. ඊට අදාළව අභ්‍යන්තර විගණනය යන්න ,එයට බලය හිමිවන ආකාරය ,එහි වැදගත්කම ,ස්වාධීනත්වය සහ නව විගණන කළමනාකරණ කමිටු සංයුතිය ඇතුළු විශේෂ කරුණු පිළිබඳ පැහැදිලි කිරීම කළමනාකරන විගණන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගයත්‍රී ගනේපොල මහත්මිය විසින් පැහැදිලි කර දුන්නාය.
පොදු තැන්පත් ගිණුමට අදාළව වසර දෙක ඉක්මවූ ශේෂයන්, සමෘද්ධි ඉසුරු ණය වැඩසටහන, අක්‍රීය ග්‍රාම ශක්ති ගිණුම්වලට අදාළ භෞතික හා මූල්‍ය ප්‍රගතීන් පිළිබඳවද මෙහිදී දීර්ඝව කරුණු විමසා බැලිණ.
කාර්යාලයන්හි භාණ්ඩ හා වාහන සමීක්ෂණ සිදුකිරීම කඩිනම් කිරීමේ වැදගත්කම ,අල්ලස හා දූෂණ විමර්ශන පනත සහ ප්‍රසම්පාදන පනත සමගින් නව අභ්‍යන්තර විගණන මාර්ගෝපදේශයන් පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීම මෙන්ම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමේ පවත්නා ස්ථාවර කමිටු ඔස්සේ විසඳීමට අපහසු කරුණු මෙම කමිටුවේ අවධානයට යොමු කිරීමේ වැදගත්කම ද මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුනි.
ප්‍රධාන අභ්‍යන්තර විගණක තුෂාරි ජයවර්ධන මහත්මිය ඇතුළු දිස්ත්‍රික් අභ්‍යන්තර විගණන අංශය මෙම හමුව සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත ,කෑගල්ල ජාතික විගණන උප කාර්යාලයේ සහකාර විගණකාධිපති එන්.එම්.පී.වී වික්‍රමසිංහ, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක එස් .ඒ .එන්.ආර්.සුබසිංහ ,දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරිතුමිය ,දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂතුමිය,ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවල ගණකාධිකරීවරුන්,රාජ්‍යනිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
























