2025 අයවැය යෝජනාවලට අනුව නව විශ්‍රාම වැටුප් පරිවර්තනය පිළිබඳ දැනුම්වත් කිරීමේ පුහුණු වැඩසටහනක් 2025 06 25 දින පැවැත්වුණේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගිණුම් අංශයේ ප්‍රධාන ඝණකාධිකාරී එස්. එන්. ජයසිංහ සහ අභ්‍යන්තර විගණන අංශයේ ප්‍රධාන විගණක නිලධාරිනී ඩබ්ලිව්. ටී. අයි. ජයවර්ධන යනමහත්මීන් දෙපළගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදීයි.
ප්‍රථමයෙන්ම මෙම වැඩසටහනෙහි අරමුණ පැහැදිලි කිරීම ප්‍රධාන ඝණකාධිකාරී එස්.එන්. ජයසිංහ මහත්මිය විසින් සිදු කළ අතර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි මහත්මා සූම් (zoom) තාක්ෂණය ඔස්සේ මෙම වැඩසටහන හා සම්බන්ධ විය.
විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඝණකාධිකාරීවරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඝනකාධිකාරීවරුන්, නව පත්වීම් ලද ඝනකාධිකාරීවරුන්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල විශ්‍රාම වැටුප් නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශයේ නිලධාරීන්, ගිණුම් අංශයේ සහ ආයතන අංශයේ නිලධාරීන් දැනුම්වත් කිරීමයි මෙහිදී සිදු වුණේ. මෙම වැඩසටහනෙහි දැනුම්වත් කිරීමේ සම්පත් දායකයා වූයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, ගිණුම් අංශයේ, විශ්‍රාම වැටුප් නිලධාරී, එච්. ඒ. නිහාල් පියසිරි මහත්මායි.
මෙහිදී එම නිලධාරීන්ට 2025 විශ්‍රාම වැටුප් පරිවර්තනය කිරීම පිළිබඳ පිළිබඳ ගැටලු, වාර්ෂික වැටුප් වර්ධක අගය සකස් කිරීම, මාසික වැටුප් වර්ධක අගය සකස් කිරීම සහ 10 - 2025 චක්‍රලේඛය පරිදි විශ්‍රාම වැටුප් සකස් වෙන ආකාරය, 2025 අයවැය යෝජනාවලට අනුව 3 - 2016 චක්‍රලේඛය අනුව 2018 ට හිමි වැටුප 2025 07 01 දින සිට විශ්‍රාමිකයන්ට ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.
මෙම වැඩසටහන ප්‍රධාන ඝණකාධිකාරී තුමියගේ යෝජනාවකට අනුව දිස්ත්‍රික් පුහුණු ඒකකය විසින් සංවිධානය කරන ලදී. වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ඉහත සඳහන් නිලධාරීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන ඒකකයේ සියලුම පුහුණු ලාභීන් සහභාගි විය. වැඩසටහන අවසානයේදී සම්බන්ධ වූ සියලු පුහුණු ලාභීන්ට සහභාගිත්ව සහතිකයක් පිරිනැමීමද මෙහිදී සිදු විය.

1

2

3

4

5

6

7

8

9

10

11