වැඩිහිටි අක්ෂි පරීක්ෂණ සායනයක්
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා අක්ෂි පරීක්ෂණ සායනයක් මෑතකදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
කෑගල්ල, මාවනැල්ල, අරනායක, රඹුක්කන, වරකාපොළ, ගලිගමුව, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් වැඩිහිටියන් දෙසිය විස්සකට ආසන්න පිරිසක් මෙම සායනයට එක්වූහ.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණය මත, මාවනැල්ල ප්‍රාථමික රෝහලේ අක්ෂි කාර්මික ශිල්පීන් විසින් අක්ෂි පරීක්ෂාව සිදු කරන ලදී.
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත පදනම්ව, නුදුරු අනාගතයේ දී ඇස් කණ්ණාඩි සහ අක්ෂි කාච ලබා දීමට නියමිතය.
මෙම වැඩසටහන දිස්ත්‍රික් වැඩිහිටි අයිතිවාසිකම් ප්‍රවර්ධන නිලධාරී ඩෙලනි කුමාරි මහත්මිය ඇතුළු දිස්ත්‍රික් වැඩිහිටි අංශය විසින් සංවිධානය කරන ලදී.






















