දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය විමර්ශනය කිරීම.
ජනවාරි සිට ජුනි දක්වා කෑගල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ප්‍රගතිය විමර්ශනය කිරීමේ රැස්වීමක් අද (16) උදෑසන දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ව්‍යාපාර සංවර්ධනය කිරීම එහි ප්‍රධාන ඉලක්කය බවට පත් කරමින්, කාණ්ඩ හතළිස් පහක් යටතේ මෙම වසරේදීත් දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් 7848 දෙනෙකු බල ගැන්වීමට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සූදානම් වේ. ඒ සඳහා මෙම වසරේ දිස්ත්‍රික්කයට ලක්ෂ හැටකට අධික ප්‍රදාන තිබේ. ව්‍යාපාර සංවර්ධනය කිරීම අරමුණු කරගත් පියවර නවයකින් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ක්‍රියාත්මක කෙරේ. ව්‍යාපාර සැලසුම් කිරීම, ව්‍යාපාර ඵලදායිතාව, ව්‍යවසායකත්ව කළමනාකරණය, අලෙවිකරණ ප්‍රදර්ශන, Z පන්තිය නමින් හැඳින්වෙන මාර්ගගත ව්‍යාපාර පුහුණු පාඨමාලාව ඇතුළු බොහෝ වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරේ. දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ශාන්ත මන්තිලක මහතා විසින් දැනුවත් කිරීම සිදු කරන ලදී.
දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ තම වැඩ ක්ෂේත්‍රය තුළ ව්‍යවසායකයින් දිරිමත් කළ යුතු බවත්, එම ව්‍යාපාරවල සංවර්ධනය සඳහා ඔවුන්ට හැකි සෑම ආකාරයකින්ම කටයුතු කළ යුතු බවත්ය.
ප්‍රගති සමාලෝචන රැස්වීම දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදී.
දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කුඩා ව්‍යාපාර සංවර්ධන අංශ ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්රැස් විය.