වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් වැඩිදියුණු කිරීමේ අරමුණින් අභ්‍යන්තර විගණන නිලධාරීන්ගේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ.
මෙම වසරේ දෙවන කාර්තුව සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අභ්‍යන්තර විගණන කටයුතු සඳහා අනුයුක්ත කර ඇති නිලධාරීන් විසින් සිදු කරනු ලබන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා අද (17) උදෑසන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වීමක් පැවැත්විණි.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතා පැවසුවේ, මහජනතාවට සේවා සැපයීමේදී එක් එක් වියදම් විෂය යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන භාවිතා කිරීමේදී සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති හරහා අපේක්ෂිත ඉලක්ක සපුරා ගන්නේද යන්න පිළිබඳව විගණන නිලධාරීන් වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.
විගණන විමසීම් සඳහා පිළිතුරු සැපයීම, වවුචර් පරීක්ෂාව, ප්‍රාදේශීය කාර්යාල මට්ටමින් විගණන සහ කළමනාකරණ කටයුතු සංවිධානය කිරීම සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අභ්‍යන්තර විගණන සැලැස්ම සකස් කිරීමේ ප්‍රගතිය මෙහිදී සාකච්ඡා කෙරිණි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරීන් වන තුෂාරි ජයවර්ධන මහත්මිය පැවසුවේ අභ්‍යන්තර විගණන පරීක්ෂණයක් සිදුවීමට පෙර වැළැක්වීමට පියවර ගැනීම මෙම නිලධාරීන්ගේ වගකීම බවයි.
මෙම වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික් අභ්‍යන්තර විගණන අංශය විසින් සංවිධානය කරන ලදී.