කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනයේ නියැලී සිටින ව්‍යවසායකයින් සඳහා දිගුකාලීන දේශීය හා විදේශීය අලෙවි සබඳතා ඇති කිරීමේ අරමුණින්, ගැනුම්කරුවන් සහ ව්‍යවසායකයින්ගේ හමුවක් ඊයේ (14) කෑගල්ල නගර සභා ශාලාවේදී පැවැත්විණි.
කීල්ස් සුපර්ස්ටෝර්, අතුකෝරල හමුහ ව්‍යාපාර, ආරියදාස ස්වීට්ස් - කෑගල්ල වැලිගම ස්ටෝර්ස්, යුවති ආයතනය - පොල්ගහවෙල, එම්සී ලවර්ස් - ගලිගමුව ඇතුළු ගැනුම්කරුවන් විශාල සංඛ්‍යාවක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර සමිතිවල නියෝජිතයින් ගැනුම්කරුවන් ලෙස සහභාගී වූහ. කෑගල්ල දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින ව්‍යවසායකයින් අතරින් උසස් තත්ත්වයේ නිෂ්පාදන නිෂ්පාදනය කරන බොහෝ නිෂ්පාදකයින් අලෙවි අවස්ථා නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් මෙයට එක් විය.
මෙම වැඩසටහන දේශීය ව්‍යවසායකයින්ට තම නිෂ්පාදන සඳහා බොහෝ අලෙවි සම්බන්ධතා ඇති කර ගැනීමට අවස්ථාවක් ද ලබා දුන්නේය.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යවසාය සංවර්ධන අංශය (SED) විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පරිපාලන) කුසුම් බණ්ඩාර, කුඩා ව්‍යවසාය සංවර්ධන අංශයේ සහකාර අධ්යක්ෂ ශාන්ත මන්තිලක, ගැනුම්කරුවන්, ව්‍යවසායකයින් සහ තවත් පිරිසක් සහභාගී වූහ.



























