Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව රාජ්‍ය ආයතන තුළ සංවිධිත බව පවත්වා ගැනීම සඳහා සෙයිරි සතිය අදින් ක්‍රියාත්මක කෙරේ.ඒ අනුව අද පෙ.ව 8.30ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ හමුවක් ඔස්සේ සෙයිරි සතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැනුවත් කිරීම සිදුවිය.
සෙයිරි සතිය සැප්තැම්බර් 01 - 04 දින දක්වා රජයේ කාර්යාලයන්හි විවිධ පැතිකඩයන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කෙරේ. එම සතියේ පළමු වන දින කාර්යාල තුළ අවශ්‍ය හා අනවශ්‍ය දෑ වෙන් කිරීමත්, දෙවන දින කාර්යාලයේ බාහිර පරිසරය අනවශ්‍ය දෙයින් තොර පරිශ්‍රයක් බවට පත් කිරීමටත්, තුන්වන දින කාර්යාල පරිශ්‍රය තුළ අනාරක්ෂිත හා පිළිසකර කළ යුතු අවදානම් ස්ථාන හඳුනා ගැනීමත්, අවසන් දිනයේදී කාර්යාල පරිශ්‍රය තුළ පොලිතින් හා ප්ලාස්ටික් විධිමත් ලෙස බැහැර කිරීම මෙන්ම භාවිතය අවම කිරීමට කටයුතු කිරීම සඳහාත් වෙන්කර ඇත.
ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් වෙනුවෙන් කාර්යාලිය පරිශ්‍ර නිසි ලෙස සකසා ගැනීම සඳහා සියලුම නිලධාරින් එකාවන්ව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ජගත් හේරත් මහතා විසින් පෙන්වා දුනි.
සෙයිරි සතියේ වැදගත්කම මෙන්ම තම රාජකාරි හා පෞද්ගලික ජීවිතයන් සඳහාද අනවශ්‍ය දෑ ඉවත් කිරීම හා අවශ්‍ය දෑ ළං කර ගැනීම තුළින් ඇති කරගත හැකි වටිනාකම් පිළිබඳව මෙහිදී අදහස් දැක්වීම ඵලදායිතා සංවර්ධන නිලධාරී සමන් බණ්ඩාර මහතා විසින් පැහැදිලි කර දෙන ලදී.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු මාණ්ඩලික නිලධාරීන් හා කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.





























