මෙහිදී පසුගිය කමිටු රැස්වීමේදී ඉදිරිපත් වූ ගැටලු පිළිබඳව අවධානය යොමු කිරීම, ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කර්මාන්ත හා ව්‍යවසායකත්ව ප්‍රවර්ධන කමිටුවල ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙන්ම දිස්ත්‍රික් කමිටුව වෙත ඉදිරිපත් වූ ගැටලු පිළිබඳව සාකච්ඡා කරන ලදී. එසේම ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ආරම්භ කිරීම සඳහා පවතින ඉඩම් පිළිබඳව සහ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශීය වශයෙන් නව කර්මාන්ත බිහිකිරීම සහ ඵලදායිතා ගම්මාන ඇති කිරීම සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් විය. මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව මෙහිදී අනාවරණය වූ අතර, කර්මාන්තකරුවන්ගේ ගැටලු හඳුනාගැනීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡා කෙරිණි. එම ගැටලු සඳහා විසඳුම් ලබාදීමේදී කර්මාන්තකරුවන්ගේ අදහස් හා යෝජනා නිසි පරිදි ලබාගනිමින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කරන ලදී.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්යක්ෂවරයා, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ව්‍යවසායක සංගම් නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.























