කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අංශ අතර පවත්වන ක්‍රීඩා තරගාවලියේ එල්ලේ කාන්තා/පිරිමි තරඟය ඊයේ (24) දවස පුරා රඹුක්කන බටමුරේ ක්‍රීඩාංගනයේ දී සාර්ථකව නිමාවට පත් විය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් අතර සුහදත්වය වර්ධනය කිරිම හා කායික නරෝගීතාවය වර්ධනය කිරිම අරමුණු කරගනිමින් පවත්වන මෙම තරගයේ කාන්තා ශූරතාවය ගැමුණ කණ්ඩායමටත්, අනුශූරතාවය පැරකුම් කණ්ඩායමටත් හිමි වූ අතර පිරිමි ශූරතාවය පැරකුම් කණ්ඩායමටත්, පිරිමි අනු ශුරතාවය විජය කණ්ඩායමටත් හිමි වූයේ තියුණු තරගයකින් අනතුරුව ය.


දිස්ත්‍රික් ක්‍රීඩා අංශය, ඵලදායිතා අංශය හා සුබසාධක සංගමය එක්ව මෙම ක්‍රීඩා තරගාවලිය සංවිධානය කරනු ලැබේ.


මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස්. රත්නායක , රඹුක්කන ප්‍රාදේශීය ලේකම් ඉන්දික ලියනගේ, සහකාර ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත්, දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී සුසීමා පරුස්වැල්ල යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.