සිව්වන කාර්තුවට අදාළව කෑගල්ල දිස්ත්‍රික් විගණන කළමනාකරණ කමිටු රැස්වීම කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) දින පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
දිස්ත්‍රික්කයේ පරිපාලන සහ සංවර්ධන කටයුතු නිවැරදිව ක්‍රියාත්මක කිරීම, නිලධාරීන්ගේ මූල්‍ය විනය පවත්වා ගැනීම හා නිවැරදි රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීම සඳහා දිස්ත්‍රික් විගණන කමිටුව පැවැත්වීම අතිශය වැදගත් බව දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා මෙහි දී සඳහන් කළේය.
ප්‍රාග්ධන වියදම් සහ පුනරාවර්තන වියදම් මූල්‍ය ප්‍රගතිය සමාලෝචනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක විගණන කටයුතු මෙහි දී සාකච්ඡාවට ලක් කෙරිණි.
මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්. රත්නායක, දිස්ත්‍රික් සැළසුම් අධ්‍යක්ෂ ඒ.ඒ.වීරකෝන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ කුසුම් බණ්ඩාර, ප්‍රධාන ගණකාධිකාරී චාන්දනී නිල්මල්ගොඩ, ප්‍රධාන අභ්‍යන්තර විගණක ඩබ්. ටී.අයි. ජයවර්ධන , රජයේ විගණන අංශයේ සහකාර විගණන අධිකාරි එච්.ආර්.බී.එන්.බණ්ඩාර, ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක කේ.ඒ.ඩී.වසන්ත, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ලෝචන මාන්නප්පෙරුම යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ගණකාධිකාරීවරුන්, නියෝජ්‍ය සැළසුම් අධ්‍යක්ෂවරුන් අතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.























