කෑගල්ල දිස්ත්‍රික් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සංගමයේ සංවිධානයෙන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා කාර්මික සංවර්ධන මණ්ඩලයේ මෙහෙයවීමෙන් ජාතික මට්ටමෙන් ඇගයීමට හා ජයග්‍රහණයට පත් කෑගල්ල දිස්ත්‍රික් ව්‍යවසායකයන්ට සම්මාන පිරිනැමීමේ "ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙල- 2022 " අලව්ව ග්‍රීන්ලේස් හෝටලයේදී ඊයේ (25) දින උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි .
පළාත් මට්ටමින් ජයග්‍රහණ ලබා ගත් ව්‍යවසායකයින් මෙන්ම ජාතික තලයේ ලෝකඩ රිදී හා රන් සම්මාන වලින් ජයග්‍රහණය කළ විශිෂ්ට ව්‍යවසායකයන් පහළොස් දෙනකු මෙම උළෙලේදී ඇගයීමට ලක් කෙරුණු අතර කෑගල්ල දිස්ත්‍රික් ව්‍යවසායකයන්ගේ අවශ්‍යතා හා ගැටලු ඇතුළත් යෝජනාවලියක් අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ රටක් ලෙස ආර්ථික අර්බුදයකට ලක්ව ඇති මොහොතක ව්‍යවසායකයින් රැක ගැනීම මෙන්ම ඔවුනට පහසුකම් සැලසීමට කටයුතු කිරීම මේ වන විටත් සැලසුම් රැසකින් ආරම්භ කර ඇති බවයි .ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින්ගේ අවශ්‍යතා ඉටු කිරීමට තමන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මෙහිදී කියා සිටියේ ව්‍යවසායකයින් දිරිගැන්වීමට ඔවුනගේ වෙළෙඳපොළ අවස්ථා තර කර ගැනීමට තාක්ෂණය භාවිතා කිරීමේ ප්රවණතා වර්ධනය වී ඇති කාලයක ඒ සඳහා කෑගලු දිස්ත්‍රික් ව්‍යවසායකයන්ට අවශ්‍ය සහයෝගය ලබා ලබාදීමට නිරතුරුවම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා එක්ව කටයුතු කරන බවයි.
කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා මෙම අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ තම දිස්ත්‍රික්යේ ව්‍යවසායකයන් ඇගයීමට ලක් කරන මෙම " කෑගල්ල දිස්ත්‍රික් ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙල" මින් ඉදිරියට වසරක් පාසා අඛණ්ඩව පැවැත්වීමට කටයුතු කරන බවයි. එසේම සියලු ව්‍යවසායකයින් එක්කාසු කර ගනිමින් ඔවුන්ගේ නිෂ්පාදනයන් දිරිගැන්වීම සඳහා ව්‍යවසායකත්ව අලෙවි ප්‍රදර්ශන ඉදිරියේදී පවත්වමින් ඔවුනට වෙළඳපල අවස්ථා සකසා දීමට කටයුතු කරන බවයි.
ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙල -2022 සඳහා මෙවර ප්‍රධාන අනුග්‍රහය ලංකා බැංකුවත්, සම අනුග්‍රහය මහජන බැංකුව ලබාදී තිබු අතර SLT මොබිටෙල් ආයතනය හා ඔරියන්ට් ෆිනෑන්ස් පුද්ගලික සමාගම සෙසු අනුග්‍රහකත්වය ලබාදී තිබිණි.
එම අවස්ථාවට දිස්ත්‍රික් දේශපාලන නියෝජිතයින් , අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනේෂා එස්. රත්නායක මහත්මිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන්,කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමන් , ප්‍රාදේශීය ලේකම්වරුන් ,කාර්මික සංවර්ධන මණ්ඩලයේ පළාත් අධ්යක්ෂ එස්.ඒ.ජී.සේනානායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය, රාජ්‍ය නිලධාරීන් ,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සංගමයේ සාමාජිකයන්, ව්‍යවසායකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


































