කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති රාජිකා වික්‍රමසිංහ මහත්මියගේ සහ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ දී පැවැත්විණි.

කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ පිළිගැනීමේ කතාවෙන් අනතුරුව ආරම්භ කෙරුණු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී දිස්ත්‍රික්කයේ පෝෂණ තත්ත්වය, ආහාර සුරක්ෂිතතා වැඩසටහන, සබරගමු පළාත් සභාවේ සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රගතිය, සෞඛ්‍ය අංශයේ දිස්ත්‍රික්යේ තත්ත්වය, දිස්ත්‍රික්කයේ සමාජ සුබසාධන , අධ්‍යාපන, නිවාස , ජල සම්පාදන හා මාර්ග යන ක්ෂේත්‍රයන්හී සංවර්ධන ප්‍රගතිය, කාෂිකාර්මික හා ඉඩම් කටයුතු, දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය, ආදී ක්ෂේත්‍ර රැසක ගැටළු හා ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කෙරිණි.


විශේෂයෙන් දිස්ත්‍රික්කයේ ගමනාගමන, ජල සැපයුම්, පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය උවදුර යනාදී ගැටළු පිළිබඳ මෙහිදී සාකච්ඡා කොට කඩිනම් විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු විය.


මේ අවස්ථාව සඳහා කෑගල්ල නගරාධිපති ජී.කේ.සමරසිංහ මහතා ඇතුළු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් හා පළාත් පාලන නියෝජිතයන් , පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් උදාකර , කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, දිස්ත්‍රික් සැළසුම් අධ්‍යක්ෂ ඒ.ඒ.වීරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් , සෞඛ්‍ය හා අධ්‍යාපන අංශය නියෝජනය කළ රාජ්‍ය නිලධාරීන් ,මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.