රට ආර්ථික අර්බුදයකට පත්ව සිටින සමයක ඊට විසඳුම් සෙවීම සඳහා නිෂ්පාදන ආර්ථිකයක් ලගා කර ගත යුතුව ඇතැයි ද ඒ සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ කාර්යභාරය සුවිශේෂී බවත් කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ‘කෑගලු ව්‍යවසාය -2022' අලෙවි පොල සහ වෙළඳ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

කෑගලු නගර ශාලාවේ පැවැත්වෙන ‘කෑගලු ව්‍යවසාය -2022' අලෙවි පොල සහ වෙළඳ ප්‍රදර්ශනය සඳහා මෙවර දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් රැසක් එක්ව සිටින අතර ඇඳුම් පැළඳුම් , පාවහන්, බෑග්, ආහාර පාන, විසිතුරු මල් හා අත්කම් නිර්මාණ ඇතුළු විවිධ වෙළඳ නිෂ්පාදන රැසක් අලෙවි කෙරේ.


දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශය , දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන මෙම ‘කෑගලු ව්‍යවසාය -2022' අලෙවි පොල සහ වෙළඳ ප්‍රදර්ශනය නොවැම්බර් 30 සිට දෙසැම්බර් 02 දින දක්වා පැවැත්වෙයි.


මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්. රත්නායක, දිස්ත්‍රික් සැළසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන්, දිස්ත්‍රික් සමෘද්ධි කොමසාරිස් කුසුම් බණ්ඩාර, ප්‍රධාන ගණකාධිකාරී චාන්දනී නිල්මල්ගොඩ , සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා ප්‍රියදර්ශණී, කුඩා ව්‍යාපාර අංශයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රින්සි මනෝජා යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස්. නිශාන්ත, කෑගල්ල කාර්මික සංවර්ධන මණ්ඩලයේ පළාත් අධ්‍යක්ෂ එස්.ඒ.ජී සේනානායක යන මහත්වරුන් ඇතුළු දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශයේ නිලධාරීන් , බැංකු සහ මූල්‍ය ආයතන වල නිලධාරීන්, කෑගලු වෙළඳ සංගමයේ නියෝජිතයින් සහ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් රැසක් මෙම සමාරම්භක අවස්ථාව සඳහා සහභාගී වූහ.