දිස්ත්‍රික් ක්‍රීඩා අංශය, සුබසාධක සංගමය හා ඵලදායිතා අංශය එක්ව සංවිධානය කරනු ලබන දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ක්‍රීඩා තරඟාවලියේ නෙට්බෝල් තරඟ අද (01) දින කෑගල්ල පොලිස් ක්‍රීඩාංගනයේ දී සාර්ථකව නිමාවට පත් විය.

විජය , ගැමුණ, තිස්ස හා පැරකුම් කණ්ඩායම් අතර පැවති මෙම තරඟාවලියේ ශූරතාවය තියුණු හා උණුසුම් තරඟයකින් අනතුරුව පැරකුම් කණ්ඩායමට හිමි විය.‍


ක්‍රිකට් (කාන්තා/ හා පිරිමි) හා මලල ක්‍රීඩා සමගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය එළඹෙන (10) දින කෑගලු විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.


මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස්. රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී යන මහත්මීන් ඇතුලු මාණ්ඩලික නිලධාරීන්, දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීනි සුසීමා පරුස්වැල්ල , මොබිටෙල් ආයතනයේ කෑගල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ශිරන්ත විජේපාල මහතා හා එම කාර්ය මණ්ඩලය ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටිය හ.