ආපදා තත්ත්වයන් තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය , ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වු ප්රචන්ඩත්වය පිටු දැකීම සහ අවම කිරිම පිළිබඳ ප්‍රතිචාර දක්වන්නන් දැනුවත් කිරිමේ වැඩ සටහනක් කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) කෑගල්ල ස්ලීක් කැමිලියා හෝටලයේදී පැවැත්විණි.
ආපදා තත්ත්වයක් තුලදී කාන්තාවන් සදහා යටිපෙළ පහසුකම් වැඩි දියුණු කිරිම, සංකල්පමය වශයෙන් කාන්තාවන් දැනුවත් කිරිම, හිංසනයන්ට අදාලව කටයුතු කිරිමේදී ප්‍රතිපත්ති සම්පාදනයේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබද න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් මෙහිදි කරුණු සාකච්ඡා කෙරිණි.
මෙම වැඩමුළුව එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදලේ අනුග්‍රහයෙන් , කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් සංවිධානය කර තිබුණි.
එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදලේ වැඩ සටහන් නිලධාරීනී හිරෝෂනී ගුණතිලක, ආපදා පෙර සුදානම් හා ප්‍රතිචාර ඒකකයේ වෛද්‍ය නොවිල් විජේසේකර, ජේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් මෙම වැඩමුළුව සඳහා සම්පත්දායකත්වය ලබා දි තිබුණි.
මේ අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමියන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ආපදා අවස්ථාවන්හිදි කටයුතු කරන රාජ්‍ය ආයතනයන්හි ප්‍රධානීන් ඇතුලු පිරිසක් සහභාගී වුහ.

























