කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිවාසාන්තර ක්‍රීඩා තරගාවලිය අද (10) දින දවස පුර කෑගල්ල විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී උණුසුම් තරග රැසකින් අනතුරුව නිමාවට පත් විය.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් අතර සුහදත්වය වර්ධනය කිරිම හා කායික නිරෝගීතාවය වර්ධනය කිරිම අරමුණු කරගනිමින් පවත්වන මෙම තරගාවලියේ අවසන් දිනය වු අද දින කාන්තා හා පිරිමි ක්‍රිකට් හා මළල ක්‍රීඩා රැසකින් සමන්විත විය.
මින් ඉදිරියට සෑම වසරක් පාසාම මෙම ක්‍රීඩා තරගාවලිය පවත්වන බව මෙම අවස්ථාවට සුභාශිංශන එක් කරමින් දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා ප්‍රකාශ කළේ ය.
ඒ අනුව සමස්ත තරගාවලියේ ශූරතාවය පැරකුම් කණ්ඩායමටත් , අනුශූරතාවය තිස්ස කණ්ඩායමටත් හිමි වූ අතර තෙවන ස්ථානය ගැමුණු කණ්ඩායමටත් සිව්වන ස්ථානය විජය කණ්ඩායමටත් හිමි විය.
ජයග්රහක/ ජයග්රාහිකාවන්ට රන් කුසලාන, පදක්කම් හා සහතික මෙන්ම මොබිටෙල් ආයතනයේ අනුග්‍රහයෙන් ත්‍යාග ද හිමිවිය.
දිස්ත්‍රික් ක්‍රීඩා අංශය, ඵලදායිතා අංශය හා සුබසාධක සංගමය එක්ව මෙම ක්‍රීඩා තරගාවලිය සාර්ථකව සංවිධානය කරනු ලැබීය.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස්. රත්නායක , සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී යන මහත්මීන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී සුසීමා පරුස්වැල්ල මහත්මිය හා එම අංශයේ නිලධාරීන් ඇතුලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා සෙසු රාජ්‍ය ආයතන වල නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.
































