නිරන්තර ආපදාවට ලක් වන දිස්ත්‍රික්කයක් වන කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මීට වසර කිහිපයකට පෙර සකස් කළ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සැලැස්ම යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය හදුනා ගත් දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා ඊට අදාළ ප්‍රධාන රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් යුත් විශේෂ හමුවක් අද (13) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී සංවිධානය කර තිබිණි.
එහිදී අදහස් දැක්වූ දිසාපතිතුමන් කියාසිටියේ දිස්ත්‍රික් අපදා සැලැස්මට අනුව පූර්ව, අවදානම් හා පසු ආපදා අවස්ථාවල දී ජීවිත හා දේපළ හානි ආරක්ෂා වන පරිදි ආපදා කළමනාකරණ සැලැස්මක් සැකසීමේ වටිනාකම හා වර්තමානයට ගැළපෙන ලෙස තොරතුරු යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවක් පවතින බවයි .තොරතුරු තාක්ෂණ ඒකක යොදා ගනිමින් දත්ත පද්ධති ඔස්සේ ක්ෂණිකව තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේද තවදුරටත් කාර්යක්ෂම කිරීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ඒ අනුව මෙතෙක් පවතින ආපදා කළමනාකරණ සැලැස්ම තව දුරටත් සැලසුම් කළ යුත්තේ කෙසේද ,ඊට එක් කළ හැකි නව යෝජනා කවරේද යන්න පිළිබඳ ඒ ඒ ආයතනවල නිලධාරීන්ගෙන් මෙහිදී තොරතුරු විමසා බැලිණි.
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි .
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීශා එස්. රත්නායක යන මහත්මීන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ,ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල මහතා,ආපදා විෂයට අදාළ ඒ ඒ ආයතනයන්හි මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.






















