සමාජ සේවා දෙපාර්තමේන්තුව හා ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය එක්ව ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත පුද්ගලයින් රැකියා ගත කිරීමේ වැඩසටහනට අදාළව කෑගල්ල දිස්ත්‍රික්කයේ නිලධාරීන් දැනුවත් කිරීමේ මූලික වැඩසටහනක් අද (14) කෑගල්ල ස්ලීක් ආයතනයේ දී පැවැත්විණි.
විශේෂයෙන් සංවර්ධිත රටවල ආබාධිත ප්‍රජාව සේවා නියුක්ත වන ආකාරය සහ මෙරට සමාජයේදී ඊට ඇතිවන බාධා හඳුනා ගනිමින් එම තත්ත්වය අවම කිරීම සඳහා ගත හැකි පියවර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ආබාධිත ප්‍රජාව රැකියාගත කළ හැකි ආයතන හඳුනා ගැනීමටත් මෙහිදී කටයුතු කෙරිණි.
ආබාධිත පුද්ගලයින් රැකියා ගත කිරීමේ මෙම ව්‍යාපෘතිය 2025 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් සමාජ සේවා අංශය විසින් සංවිධානය කරනු ලැබූ මෙම දැනුවත් කිරීමේ වැඩමුළුව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්. රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශණී, ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ විශේෂඥ සිමුසි ටකාෂි , එම ආයතනයේ දිනිති පල්ලියවත්ත, කෑගල්ල දිස්ත්‍රික් සමාජ සේවානිලධාරී සරත් රණවීර යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික්කයේ සියළුව සමාජ සේවා නිලධාරීන්, ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයට අනුයුක්ත සමාජ සේවා නිලධාරීන්, මානව සම්පත් සංවර්ධන නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් රැසක් සහභාගී වූහ.



























