ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටු පිළිබඳ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, සබරගමු පළාත් ආණ්ඩුකාර ගරු ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමාගේ සහ රජයේ මැති ඇමැතිවරුන්ගේ ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (17) කෑගල්ල නගර ශාලාවේදී පැවැත්විණි.
ලංකාව ස්වයං පෝෂිත කළ හැකි සියළු ප්‍රභවයන්ගෙන් සමන්විත බවත් ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කළහොත් එය ජාතික පුනර්ජීවන ආර්ථික වැඩපිළිවෙළකට අවතීර්ණවීමේ පදනම සපයනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටුවේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රගතිය කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ අතර කෘෂිකාර්මිත ක්ෂේත්‍රය සම්බන්ධව දිස්ත්‍රික්කයේ පවතින ගැටළු සහ බාධක පිළිබඳව සාකච්ඡා කිරීමද මෙහිදී සිදු කෙරිණි.
ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටුව දිස්ත්‍රික්කය තුළ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සබරගමු පළාත් ආණ්ඩුකාර ගරු ටිකිරි කොබ්බෑකඩුව මහතා සහ සබරගමු පළාත් සභාව සුවිශේෂී සහයෝගයක් ලබා දෙන අතර කමිටුවේ ගැටළු හඳුනාගනිමින් ඒවාට කඩිනම් විසදුම් ලබා දෙමින් දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරමින් ඉදිරියේ දී ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටුව වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
මේ අවස්ථාව සඳහා පූජ්‍ය පක්ෂය ,මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත,තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිනි රාජිකා වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල, කෑගල්ල නගරාධිපති ජී.කේ සමරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පළාත් පාලන නියොජිතවරුන්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ, සබරගමු පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත් යන මහත්වරුන් ඇතුළු පළාත් හා දිස්ත්‍රික් රාජ්‍ය ආයතන වල ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය, අර්ධ රාජ්‍ය , ස්වෙච්ඡා සංවිධාන වල නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූහ.
































