ලෝක ආහාර වැඩසටහන සහ රාජ්‍ය අංශය ඒකාබද්ධව කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ඉහළ ආහාර අනාරක්ෂිතභාවයක් සහිත පවුල් සඳහා මුල්‍යාධාර ලබා දීමේ වැඩසටහනට අදාළ මූලික සාකච්ඡාවක්) කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20 ) පස්වරුවේ දී පැවැත්විණි.

ඒ අනුව මෙම වැඩසටහන සඳහා කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා බුලත්කොහුපිටිය හා දැරණියගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තෝරා ගෙන ඇති අතර එම කොට්ඨාසයන් හී නිර්ණායකයන් 11 කින් සුදුසුකම් සපුරාලන පවුල් වල ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් මාසිකව මෙම මුල්‍යාධාර සැපයීමට අපේක්ෂා කෙරේ.


මෙම වැඩසටහනට සහයෝගය ලබා දීම සඳහා සර්වෝදය ආයතනය ද එක්ව ඇති අතර මෙම මුල්‍යාධාර වැඩසටහන යටතේ දිස්ත්‍රික්කය තුළ හඳුනාගන්නා අවදානම් කාණ්ඩ සඳහා ආහාර සුරක්ෂිතතාව කඩිනමින් තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.


මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් , දිස්ත්‍රික් සැළසුම් අධ්‍යක්ෂ ඒ.ඒ.වීරකෝන්, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ කුසුම් බණ්ඩාර, ලෝක ආහාර වැඩසටහනේ රජයේ සම්බන්ධීකරණ නිලධාරී මුස්තාෆා නිහ්මන්, සමන්ත ද මැල්, ව්‍යාපෘති ප්‍රතිපත්ති නිලධාරී තුෂාර කීර්තිරත්න, වැඩසටහන් සම්බන්ධීකාරක ජනනන්, සර්වෝදය ආයතනයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ප්‍රියන්ත ජයතිලක යන මහත්ම මහත්මීන් දැරණියගල සහ බුලත්කොහුපිටි ප්‍රාදේශීය ලේකම්වරුන් , නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.