අර්බුදකාරී වකවානුවක රටේ අභිවෘද්ධිය උදෙසා අභියෝග ජයගත හැකි රාජ්‍ය සේවයක් ගොඩනගා ගත යුතු බව කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකොන් මහත්මිය සඳහන් කළාය. විශේෂයෙන් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ප්‍රමුඛතාව ලබා දෙමින් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති මහජන මිත්‍රශීලී ප්‍රවේශයකින් ක්‍රියාත්මක කළ යුතු බව ද ඒ මහත්මිය සඳහන් කළාය.

2023 නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අතිරේක දිස්ත්‍රික් ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය මෙම අදහස් පළ කලාය.


නව වසරේ රාජකාරී ආරම්භ කිරීම නිමිත්තෙන් රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දී සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ 2023 වසරේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරී කටයුතු ආරම්භ කෙරිණි.


මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිනීෂා එස් රත්නායක මහත්මිය සහ මාණ්ඩලික නිලධාරීන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.