ජාතික ආර්ථිකයට විදේශ විනිමය උපයා දිම උදෙසා විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් උනන්දු කිරිම කාලිනව වැදගත් වන වකවානුවක ඊට යොමු විමට අපේක්ෂිත ප්‍රජාව නෛතිකව සුරක්ෂිත වන අයුරින් විදේශ ගත කිරීම සම්බන්ධව කෑගල්ල දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරිමක් අද ( 27) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
ඒ අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත, වින්දිතයෙකු හඳුනා ගැනිම හා එම වින්දිතයින් ආරක්ෂා කිරීම හා මූලික අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කිරිම මෙන්ම කේෂත්‍ර රාජකාරිවල නිරත වීමේ දී නිලධාරීන්ට උද්ගත වන ගැටලු හා ඊට විසඳුම් පිළිබඳ මෙම හමුවේ දැනුවත් කෙරිණි.
මෙහි දි අදහස් දැක්වූ වැඩ බලන දිස්ත්‍රික් ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය ප්‍රකාශ කළේ පවතින ආර්ථික අර්බූදයට විසඳුමක් ලෙස පුහුණු ශ්‍රමිකයින් විදේශ ගත කිරිම අවශ්‍යතාවයක්ව පවතින බවත් ඔවුන් නීතිමය වශයෙන් ද දැනුවත් කිරිම මෙන්ම එම කේෂත්‍රයට අනුයුක්ත ප්‍රාදේශීය මට්ටමින් සේවයේ නියුතු රාජ්‍ය නිලධාරින් විදේශ ශ්‍රමිකයින් සඳහා පවතින නීතිමය පැතිකඩ සමබන්ධව තවදුරටත් දැනුවත් වීමත් ඉතා වැදගත් වන බවයි.
විදේශ රැකියා දිස්ත්‍රික් සම්බන්ධීකාරක හරේනද්‍ර උඩුමුල්ල මහතා මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) නීතිඥ නෙලුම් සමරසේකර, නීතිඥ කෞෂල්‍යා පෙරේරා, නීතිඥ රොහාන් විජේසේන යන මහත්ම මහත්මීන් දේශන සඳහා එක් වූ අතර සබරගමු පළාත් ජේ්‍යෂ්ඨ කලමණාකරු බී.ඒ රෝහිණි මහත්මිය , විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් , දිස්ත්‍රික්කයේ විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.























