ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන ජේ.එම්.ආර්.පී ජයසිංහ මහතා අද (01) දින පෙරවරුවේ යෙදුන සුබ මොහොතින් කෑගල්ල දිස්ත්‍රික් අභිනව දිසාපතිවරයා ලෙස වැඩ භාර ගත්තේය.
1994 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මූලික උපාධිය ලැබූ ජේ.එම්.ආර්.පී ජයසිංහ මහතා ජපානයේ National Graduate institute for policy studies ආයතනයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය හිමි කර ගෙන තිබේ. එමෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබද පශ්චාත් උපාධිය සහ රජරට විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය හිමි කරගෙන ඇති ඒ මහතා විෂයන් කිහිපයක් යටතේ ඩිප්ලෝමා රැසක් ද හදරා තිබේ.
1998 වසරේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්ව ඇති ජේ.එම්.ආර්.පී ජයසිංහ මහතා සහකාර ප්‍රාදේශීය ලේකම් (පලාගල), ප්‍රාදේශීය ලේකම් (පලුගස්වැව), ප්‍රජා ජල සැපයුම් සහ සනීපාරක්ෂක ව්‍යාපෘතියේ ප්‍රාදේශීය අධ්යක්ෂ (අනුරාධපුර) , වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම්, කුරුණැගල මහ නගර සභාවේ නියෝජ්‍ය කොමසාරිස්, කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ පළාත් අධ්යක්ෂ (වයඹ), පළාත් ඉඩම් කොමසාරිස් (වයඹ), පළාත් පාලන කොමසාරිස් (වයඹ), රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ අතිරේක අධ්යක්ෂ ජනරාල්, උතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ සහ උතුරු මැද පළාත් වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්, ආදී තනතුරු රැසක් හෙබවූ පරිපාලන සේවය් හසල අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.


















