සමාජ සේවා දෙපාර්තමේන්තුව හා වොයිස් ආයතනය ඒ්කාබද්ධව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ආබාධ සහිත පුද්ගලයිනගේ තොරතුරු ඇතුලත් සංගණයක් පැවැත්විමට කටයුතු කර ඇත. එහිදී ජංගම දුරකතනයෙහි පවතින ඇප් ඒකක් ආධාරයෙන් අදාල සංගණනය සඳහා තොරතුරු ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

ඊට අදාලව කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවල සේවය කරන සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සබරගමු පළාත තුල සිදු කෙරෙන උක්ත සමීක්ෂණය පිළිබඳ එම නිලධාරින් දැනුවත් කිරීමක් අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිත ඉලංගකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.


එම අවස්ථාවට වොයිස් ආයතනයේ හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.