කෑගල්ල දිස්ත්රික් රැකියා ප්රවර්ධන අංශය (මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව) හා දිස්ත්රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ දිස්ත්රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් රැකියාගත කිරීමේ වැඩසටහනක් අද (15) පෙරවරුවේ දී ආරම්භ කෙරිණි.
කාර්ගිල්ස් ආයතනය, Certis Lanka ආයතනය, Nolimit ආයතනය වැනි කෑගල්ල දිස්ත්රික්කය තුළ හා ඉන් පරිබාහිරව රැකියා සපයන ආයතන කිහිපයක් මෙම අවස්ථාවට සම්බන්ධ වූ අතර එම ආයතනවල පුරප්පාඩු සඳහා සුදුසුකම් සැපිරූ රැකියාලාභීන් ඒ අනුව බඳවා ගැනීමට නියමිතය.
මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව හා දිස්ත්රික් ලේකම් කාර්යාලය එක්ව දිස්ත්රික්කයේ විරුකියාව අවම කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්රියාත්මක කරනු ලබයි.
මේ අවස්ථාව සඳහා දිස්ත්රික් ලේකම් කාර්යාලයේ මානව සම්පත් නිලධාරීන්, රැකියා සපයන ආයතන වල මානව සම්පත් අංශයේ නිලධාරීන් සහ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් රැසක් සහභාගී වූහ.




















