කෑගල්ල දිස්ත්‍රික් විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ආර්.පී ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත් විණි.
ගිණුම් කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පසුවිපරම් කිරීම, පසුගිය කමිටු රැස්වීම් වල සාකච්ඡාගත කරුණු පසුවිපරම, අභ්‍යන්තර විගණන සහ විගණකාධිපති විගණන විමසුම් පසුවිපරම,රජයේ ගිණුම් කාරක සභාවේ අධීක්ෂණයට යටත් වන ආයතනයන්හී කාර්ය සාධනය පිළිබඳ ඇගයීමට ලක්වන කරුණු පිළිබඳ ප්‍රගතිය සහ නව විගණකාධිපති විගණන විමසුම් ආදී කරුණු රැසක් මෙවර දිස්ත්‍රික් විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමේ සාකච්ඡාවට ගැනිණි.
මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක , කෑගල්ල ජාතික විගණන උප කාර්යාලයේ විගණන අධිකාරී එන්.එම්.පී වික්‍රමසිංහ , කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ලෝචන මාන්නප්පෙරුම , ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක එස්.ඒ.එන් ආර් සුභසිංහ, දිස්ත්‍රික් ප්‍රධාන අභ්‍යන්තර විගණක තුෂාරි ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් රැසක් සහභාගී වූහ.





















