ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක් වන දිනීෂා එස් රත්නායක මහත්මිය කෑගල්ල නව අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) ලෙස වැඩබාර ගත්තාය.

 

රුහුණු විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය (විද්‍යාවේදී) හදාරා ඇති ඒ මහත්මිය Technical University of Dortm‍und, Germany සහ University of Austral ,Chile යන විශ්ව විද්‍යාලයන්හි ප්‍රාදේශීය සංවර්ධනය, සැලසුම්කරණය හා කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය (විද්‍යාපති) ද ලබා ගෙන තිබේ. එමෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යන මධ්‍යස්ථානයේ අන්තර් ජාතික සබඳතා පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද හිමි කර ගෙන ඇත.

එසේම දිනීෂා එස් රත්නායක මහත්මිය රාජ්‍ය පරිපාලනය, මානව සම්පත් කළමනාකරණය, තොරතුරු තාක්ෂණය හා වැඩසටහන්කරණය, කළමනාකරණ කුසලතා වැඩිදියුණු කිරීම ආදී විෂයයන් කිහිපයක් යටතේ දේශීය හා විදේශීය වශයෙන් පුහුණු වැඩසටහන්වලට සහභාගී වී වෘත්තීය සුදුසුකම් රැසක් සපුරා තිබේ.

2003 වසරේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්ව ඇති දිනීෂා එස් රත්නායක මහත්මිය අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු කිහිපයක තනතුරු රැසක් හෙබවූ අත්දැකීම් බහුල නිලධාරිනියකි.

ඒ අනුව සහකාර ලේකම් ( සමෘද්ධි සහ දිළිදුකම පිටුදැකීමේ අමාත්‍යංශය) , සහකාර ලේකම් (ජාතිය ගොඩනැගීමේ සහ වතුයටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය), සහකාර ලේකම් (ආර්ථික සංවර්ධන අමාත්‍යංශය), සහකාර ප්‍රාදේශීය ලේකම් (මීරිගම) , සහකාර අධ්‍යක්ෂ (රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව), අධ්‍යක්ෂ (රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව), වශයෙන් කටයුතු කර ඇති එතුමිය නව තනතුරෙහි රාජකාරි බාර ගන්නා තෙක් කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) වශයෙන් කටයුතු කරනු ලැබීය.