GMP (Good Manufacturing process ) සහතිකකරණය ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ සම්පත්දායකත්වය යටතේ අද (03) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ව්‍යාපාරයක් සඳහා තත්ත්ව සහතික ලබා ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළ අතර මෙම වැඩමුළුව දිස්ත්‍රික්කයේ තෝරාගත් ව්‍යවසායකයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් සිදු කෙරිණි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර අංශය විසින් මෙම දැනුවත් කිරීමේ වැඩමුළුව සංවිධාන කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශයේ සහකාර අධ්‍යක්ෂ එල්.එච්.ටී මනෝජා, ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික ළිඳමුල්ල සහ ප්‍රවර්ධන නිලධාරී පසිඳු ඉඳුවර, දිස්ත්‍රික් ව්‍යවසායකත්ව පුහුණු නිලධාරිනියන් වන රශිනි අමරසේකර සහ චමන්ති පතිරණ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.






















