කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (17) පෙරවරුවේ දී පැවැත්විණි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන රජයේ විශේෂ සංවර්ධන වැඩසටහන් හඳුන්වාදීමෙන් ආරම්භ කෙරුණු මෙවර සම්බන්ධීකරණ කමිටුවේ දී කෑගල්ල දිස්ත්‍රික්කයට අදාළ කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කෙරිණි. ඒ අනුව සෞඛ්‍යය , පරිසරය, අධ්‍යාපනය, කෘෂිකර්මය, නිවාස, දිස්ත්‍රික්කයේ මාර්ග සහ ආරක්ෂක තතත්වය වැනි අංශ රැසක ඉදිරි සැලසුම් සහ ප්‍රගතිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

මේ අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිනී, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ යන මහත්වරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන වල ප්‍රධානීන්, ආරක්ෂක අංශවල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.