කෑගල්ල දිස්ත්‍රික්කයේ සිටින සාර්ථක ව්‍යවසායිකාවන් කිහිප දෙනෙකු අගයමින් දිස්ත්‍රික් කාන්තා දින සැමරුම අද(24) දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
පසුගිය පෙබරවාරි මස දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ දිස්ත්‍රික්කයේ සාර්ථක ව්‍යවසායිකාවන් තේරීමේ තරගයෙන් ජයග්‍රහණය කළ,කුසලතා සම්මාන දිනාගත් සහ එම තරගය සඳහා සහභාගි වූ ව්‍යවසායිකාවන් අගයමින් ඔවුනට සහතික පත්‍ර පිරිනැමීමට මෙහි දී කටයුතු කරන ලදී.එමෙන්ම දිස්ත්‍රික්කයේ කාන්තාවන් රැසකට රැකියා අවස්ථා ලබා දෙමින් සාර්ථක ව්‍යවසායිකාවක් ලෙස කටයුතු කරන ආර්.එම්. ශිරෝමි නිල්මිනි මහත්මිය මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වසර ගණනාවක් රාජකාරිය කරමින් කාන්තා කටයුතු විෂය පෝෂණය කිරීමට දායක වූ කෝකිල හපුවිට මහත්මිය අගයමින් උපහාර පිරිනැමීමක් ද සිදු විය.
දිස්ත්‍රික් කාන්තා දින සැමරුම සඳහා එක් වූ කාන්තාවන්ට ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ දේශනයක් කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ කෘෂිකර්ම මෙහෙයුම් නිලධාරී බන්දුල ජයසිංහ මහතා විසින් සිදු කළ අතර පෝෂණීය ආහාර වේලක් සැකසීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරී නියෝමාලි සුදසිංහ මහත්මිය විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාවට සමගාමීව කරිටාස් සෙත්මිණී ආයතනය මගින් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ම ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් 15 සඳහා වියළි ආහාර ද්‍රව්‍ය පිරිනැමීමට අනුග්‍රාහකත්වය ලබා දී ඇති අතර ඒ සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභිනියකට සංකේතාත්මකව එම භාණ්ඩ ලබා දීමට ද කටයුතු කෙරිණි.
කාන්තා දින සැමරුම සඳහා රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක නිශාන්ත ප්‍රේමතිලක මහතාගේ මැදිහත්වීමෙන් මහනුවර සමාජ සංවර්ධන ආයතනය ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දී තිබූ අතර සණස සංවර්ධන බැංකු හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ද සෙසු අනුග්‍රාහකත්වය ලබා දී තිබිණි.
දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරිනී මනෝරි දෙහිමඩුව මහත්මිය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක, පරිපාලන නිළධාරිනි යාමිනී රත්නායක, සණස සංවර්ධන හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවල කළමනාකරුවන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වනිතා සංවර්ධන නිලධාරිනියන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩල සාමාජිකාවන්, ව්‍යවසායිකාවන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




































