දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන කමිටුව අද (30) දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී රැස්විය.

වර්තමාන සමාජය තුළ ළමුන් හා කාන්තාවන් විවිධ සමාජ ගැටලුවලට මුහුණ දෙමින් සිටින අතර එම අභියෝගයන්ට විසදුම් රජය මඟින් විවිධ වැඩසටහන් ඔස්සෙ ක්‍රියාත්මක කරමින් කාන්තාවන් හා ළමුන් බලගැන්වීම සදහා කටයුතු කරමින් සිටී.

ඒ අනුව මෙම කමිටු හමුවේදී ළමා සංවර්ධනය හා සෞඛ්‍ය, ළමා අපයෝජන හා ආරක්ෂාව ,වීථි දරුවන් ,ළමා ශ්‍රමය, අධ්‍යාපනය, කාන්තා සංවර්ධන කමිටු, කොට්ඨාශ මට්ටමින් ප්‍රාදේශීය ළමා සංවර්ධන කමිටුවල පවතින ගැටලු ඇතුළු කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කෙරිණි.

ජාතික ළමාරක්ෂක අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් නිලධාරීන් විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කර තිබිණි.

මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන්, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී කුසුම්සිරි යන මහත්ම මහත්මීන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පළාත් පරිවාස, අධ්‍යාපන, මානසික රෝග, ළමා හා කාන්තා කාර්යාංශ යන ක්ෂේත්‍රයන්හි නිලධාරීන්, සමාජ සේවා, උපදේශන, වනිතා සංවර්ධන ,ළමා හිමිකම් ප්‍රවර්ධන ,ළමා රක්ෂණ, මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන්, පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.