සහයක් අවැසි මිනිසුන් සඳහා සහනයක් වෙමින් කෑගල්ල දිස්ත්රික් සමාජ සේවා අංශය සපයන දායකත්වය ප්රසාදජනක බව කෑගල්ල දිසාපති/දිස්ත්රික් ලේකම් රන්ජන් ජයසිංහ මහතා සඳහන් කළේය. කෑගල්ල දිස්ත්රික් සමාජ සේවා අංශයේ ප්රගති සමාලෝචන රැස්වීමක සඳහා සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ප්රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සමාජ සේවා අංශයේ ප්රගතිය හා ඉදිරි සැළසුම් මෙහි දී සාකච්ඡා කෙරිණි.
මේ අවස්ථාව සඳහා දිස්ත්රික් සමාජ සේවා නිලධාරී සරත් රණවීර, පළාත් සමාජ සේවා නිලධාරී එස්.ජී. ජයන්ත යන මහත්වරුන් ඇතුළු ප්රාදේශීය ලේකම් කොට්ඨාස වල සමාජ සේවා නිලධාරීන්, සංවර්ධන නිලධාරී ඇතුළු පිරිසක් සහභාගී වූහ.





















