සීමානීර්ණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද සීමානිර්ණ කමිටුවේ අවසන් වාර්තාව පිළිබද සාකච්ඡා කිරීමේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් අද (06) පෙරවරුවේ දී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිහිටුවීම, දැනට පිහිටුවා තිබෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගැසට් කිරීම සහ ග්‍රාම නිලධාරී වසම් පිහිටුවීම හා ප්‍රතිශෝධනය කිරීම සඳහා සීමානීර්ණය කමිටුවක් පත් කිරීම යන මැයෙන් වූ සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි , සීමානිර්ණය කමිටුවේ අවසන් වාර්තාව පිළිබඳ සාකච්ඡා කිරීමේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ලෙස මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්විණි.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට පහසු වන ආකාරයෙන් සහ භුගෝලීය වශයෙන් ගැලපෙන පරිදි සීමානිර්ණ කටයුතු සිදු කිරීම පිළිබඳ යෝජනා සහ නිර්දේශයන් මෙහිදී සාකච්ඡාවට ගැණිනි. දිස්ත්‍රික් මායිම සංශෝධනය කළ නොහැකි බැවින් සේවා සම්පාදනය සිදු කිරීම සඳහා සීමානිර්ණ කටයුතු, ග්‍රාම නිලධාරී වසම් මායිම් සංශෝධනය, ග්‍රාම නිලධාරී වසම් වෙන් කිරීම ආදී සීමානිර්ණ කොමිසම පෙන්වා දී තිබූ ප්‍රධාන කරුණු කිහිපයක් මේ යටතේ සාකච්ඡාවට ලක් කෙරිණි.
එමෙන්ම මෙහි දී දිස්ත්‍රික්කයේ වාරිමාර්ග සංවර්ධන යෝජනා අනුමත කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි.
මේ අවස්ථාව සඳහා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා, සබරගමු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ශ්‍රීලාල් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ගමලත්ගේ දිලිප් නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්, සබරගමු පළාත් සභාව ඇතුළු විවිධ රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් සහභාගී වූහ.