×

පණිවුඩය

Invalid Page Request

මූල්‍ය සාක්ෂරතාවය හා නිපුණතා ණය පිළිබඳ පුහුණු වැඩසටහනක් අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ගමලත්ගේ දිලීප් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

 

එහි දී මුල්‍ය සාක්ෂරතාවය පිළිබඳ ශ්‍රි ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලයේ කලමණාකාරිණී තිලිණි සමරදිවාකර මහත්මිය විසින් දැනුවත් කල අතර ඉන් අනතුරුව නිපුණතා ණය ,ව්‍යාපාර සැලසුම් සැකසීම පිළිබඳවද දැනුවත් කෙරිණි.

මේ සදහා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂිත සහ දැනට ව්‍යාපාර ආරම්භ කර ඇති තරුණ තරුණියන් පිරිසක් එක් සිටි අතර ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරීමේ අධිකාරිය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

එම අධිකාරියේ දිස්ත්‍රික් කලමණාකාරතුමන්,දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ .ඒ වීරකෝන් ,කෑගල්ල දිස්ත්‍රික්කයේ යොවුන් සේනාංකවල මධ්‍යස්ථානාධිපතිවරුන්, දිස්ත්‍රික් නිපුණතා සංවර්ධන නිලධාරින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය හ.