මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන වෙසක් සතිය වෙනුවෙන් ,අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ' බුදු දහමෙන් පෝෂණය වූ සෞඛ්‍ය සම්පන්න දිවියක්' යන තේමාව යටතේ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා දැරණියගල සිරිසමන් ජාතික පාසලේ දරුවන් 250 කගේ පමණ සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්විණි.
මෙම අවස්ථාව සදහා බෞද්ධ කටයුතු සමායෝජක ගරු ස්වාමීන් වහන්සේ , සිරිසමන් ජාතික පාසලේ ගරු ස්වාමීන් වහන්සේ , කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බාහිර සේවා සහකාර, S.C. තොටවත්තගේ පියතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහ සිරිසමන් විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය සහභාගි වූහ.























