ජාතික වෙසක් සතිය නිමිත්තෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු අංශය සංවිධානය කළ සුමධුර කාව්‍යමය ධර්ම දේශනය අද (04) දින පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

ඒ සඳහා වැඩම කරන ලද්දේ ගුවන් විදුලි හා රූපවාහිනී කාව්‍යමය ධර්ම දේශක රඹුක්කන , මාවනැල්ල බුද්ධනාව විහාරවාසි මතුරට ධම්මික ස්වාමීන් වහන්සේ ය.

එමෙන්ම වෙසක් සතිය නිමිත්තෙන් ආයතන හා ගිණුම් අංශ විසින් කොත්තමල්ලි හා පාන් දන්සලක් ද අද දින සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවන් සඳහා දිසාපති /දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ මහතා ඇතුළු මාණ්ඩලික නිලධාරින් හා කාර්යාල නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.