කෑගල්ල දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන්ගේ රැකියා නියුක්තිය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් "කෑගලු අභිමන්- 2023" නිපුණතාවයෙන් පෙරමඟට දෙස් විදෙස් රැකියා පොල සමගින් වෘත්තිය පුහුණු වැඩසටහන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් සියලුම රාජ්‍ය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල දායකත්වයෙන් ජූලි මස 8 වැනි දින කෑගලු බාලිකා විද්‍යාලයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
එම වැඩසටහනෙහි ඒ ඒ ක්ෂේත්‍රයට අදාල වගකීම් පැවරෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් අද (10) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
වෘත්තීය මාර්ගෝපදේශනය, වෘත්තීය පුහුණු අවස්ථා, දෙස් විදෙස් රැකියා, මූල්‍ය ආයතන සේවා පහසුකම්, කර්මාන්ත/ කෘෂි/ සේවාවන්වල ස්වයං රැකියා, තෘතීයීක හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් නිකුත් කරන පෙර දැනුම(RPL) පාදක කරගත් සහතික ලබාදීම ඇතුළු සේවාවන් රැසක් එම වැඩසටහන ඔස්සේ ලබා දීමට අපේක්ෂිතයි.
මෙම වැඩසටහනට අදාල ප්‍රචාරණය හා දැනුවත් කිරීම් ඉදිරියේ දී දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
එම අවස්ථාවට දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන )ගමලත්ගේ දිලීප් නිශාන්ත ,YOULEAD ව්‍යාපෘති ප්‍රධානී ජගත් හරිස්චන්ද්‍ර, YOULEAD ව්‍යාපෘතියේ කලාප ප්‍රධානී ලක්මාල් විරසිංහ, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.























