කැගල්ල දිස්ත්‍රික් කර්මාන්ත කමිටුවේ දී දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ මහතාගේ සංකල්පයකට කර්මාන්ත මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කර ඇත.
මෙම කමිටුවෙහි සභාපතිත්වය අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලිප් නිශාන්ත මහතා ද , ලේකම් ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලයේ පළාත් අධ්‍යක්ෂ එස්.ඒ.ජේ සේනානායක යන මහත්වරුන් විසින් දරන අතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමන්, දිස්ත්‍රික් රැකියා ප්‍රවර්ධන නිලධාරී, දිස්ත්‍රික් නිපුණතා නිලධාරී,කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂතුමිය, ඵලදායිතා නිලධාරී, අපනයන හා කර්මාන්ත අංශයන්හි සංවර්ධන නිලධාරිනියන් ගෙන් සමන්විත වේ.
ඒ අනුව දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන්ට අලුතින් කර්මාන්තයක් ආරම්භ කිරීමේදී හා පවතින කර්මාන්තය ආශ්‍රිතව පැන නැගෙන ගැටලු විසඳාගැනීම සඳහා සෘජුවම අවස්ථාව මින් ඉදිරියට උදා වේ.


















