කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල 2022 හා 2023 වර්ෂයේ මේ දක්වා ක්‍රියාකාරකම් වල ප්‍රගතිය සමාලෝචනය කිරීම කිරීමේ හමුවක් අද (17) දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2023 වර්ෂයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සහ දිස්ත්‍රික්කයක් ලෙස රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු විධිමත් සම්බන්ධතාවකින් යුක්තව පවත්වාගෙන යන අරමුණ මූලික කරගනිමින් කාර්තුමය වශයෙන් මෙම කමිටුව රැස්වීමට අපේක්ෂා කෙරේ.
දිස්ත්‍රික්කය තුළ මේ වන විට රාජ්‍ය නොවන සංවිධාන 18ක් සක්‍රියව ක්‍රියාත්මක වන අතර ඒ ඔස්සේ ආර්ථික, සමාජීය, කෘෂිකාර්මික, ආගමික, සංස්කෘතිකමය කාරණා ඇතුළුව දිස්ත්‍රික්කයේ වෙසෙන ප්‍රජාව බල ගැන්වීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර එම කටයුතු සඳහා රාජ්‍ය අංශය හා කටයුතු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.
අලුත් ගමක් - අලුත් රටක් වැඩසටහන මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක වන ළමුන් හා කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් , කෑගලු අභිමන් - 2023 ,රජයේ ඉඩම් හඳුනා ගැනීමේ සංගණනය මෙන්ම දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සඳහා රාජ්‍ය නොවන සංවිධාන ඔස්සේ ලබා දිය හැකි සුවිශේෂී දායකත්වයන් පිළිබඳ ද මෙහිදී පෙන්වා දුනි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක ,අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන ) ගමලත්ගේ දිලීප් නිශාන්ත ,දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන්, රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක නිශාන්ත ප්‍රේමතිලක රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.






















