2023 වසරේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා අනීතික ලෙස භාණ්ඩ විකිණූ වෙළඳුන්ට එරෙහිව වැටලීම් 420 සිදු කර අධිකරණයට ඉදිරිපත් ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් පාරිභෝගික සේවා අංශය සඳහන් කරයි.

ඒ අනුව වැඩි මිලට භාණ්ඩ අලෙවිය, පාලන මිලට ඉක්මවා භාණ්ඩ අලෙවිය, මිල ප්‍රදර්ශනය නොකිරීම, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවිය, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවිය, විස්තර රහිත විකිණුම් සිදුකිරීම, SLS ප්‍රමිති සහතිකය රහිත භාණ්ඩ අලෙවිය, භාණ්ඩ සඟවා තබා ගැනීම. පාරිබෝගික පනත උල්ලංඝණය කරමින් භාණ්ඩ අලෙවිය සිදු කිරීම සම්බන්ධයෙන් මෙම වැටලීම් සිදු කර තිබේ.

එමෙන්ම මෙම වැටලීම් මඟින් රු. 23,17500.00 ක දඩ මුදල් ප්‍රමාණයක් රජයට අය කර දී ඇති බව දිස්ත්‍රික් පාරභෝගික අධිකාරිය සඳහන් කරයි.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික් පාරිභෝගික අංශය විසින් පාරිභෝගික අයිතීන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ද සිදු කර තිබේ.

පසුගිය වසරේ අනීතික වෙළඳුන්ට එරෙහිව වැඩිම වැටලීම් ප්‍රමාණයක් සිදු කර ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික් පාරිභෝගික අංශය විසින් වීම විශේෂත්වයකි.